විදේශ සංචිත ඩොලර් බිලියන 8 ආසන්නයට

Sunday, 14 January 2018 - 10:20

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+8+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
මෙරට විදේශ සංචිත ප්‍රමාණය 2017 වසර අවසානයේ ඇමරිකානු ඩොලර් බිලියන 8 කට ආසන්න වී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

2016 වසර අවසානයේ මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.06 ක් වූ අතර, 2017 වසර අවසානයේ එය ඩොලර් බිිලියන 7.95 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

2017 වසර අවසානයේ මෙරට විදේශ සංචිතය සමන්විත වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 6952 ක විදේශ මුදල් සංචිත සහ ඩොලර් මිලියන 928 ක රන් සංචිතවලින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 68.15 ක සංචිතද මෙරට විදේශ සංචිතයට එක්ව තිබෙනවා.