පෙබරවාරි මාසයේ උද්ධමනයේ අඩුවීමක්

Thursday, 22 March 2018 - 13:54

%E0%B6%B4%E0%B7%99%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මේ වසරේ පෙබරවාරි මාසය තුල උද්ධමනය සියයට 3යි දශම 2ක් දක්වා අඩු වී තිබෙනවා.

ජනවාරි මාසයේ උද්ධමනය සියයට 5යි දශම 4ක් වූ අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ එම මාසය තුල උද්ධමනය විශාල ලෙස අඩු වී ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2016 අප්‍රේල් මාසයේ සිට වාර්තා වූ අවම උද්ධමනය ලෙස මෙය සැලකෙනවා.

මේ වසරේ පෙබරවාරි මාසයේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු වීම උද්ධමනය පහල යාමට හේතු වී තිබෙනවා.

එළවළු, අමුමිරිස්, රතු ලූණු, සහල්, කෙසෙල්, මයිසූර් පරිප්පු, මාළු, අර්තාපල්, සීනි, දෙහි සහ පැපොල් වැනි ආහාර ද්‍රව්‍යවල මිල අඩුවී ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.