රුපියල තවත් බාල්දු වෙයි

Tuesday, 12 June 2018 - 8:50

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (11) නව වාර්තාගත අගයක් දක්වා පහත වැටුණා.

මහබැංකු විනිමය අනුපාතවලට අනුව ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 160.2472ක් ලෙසයි.

ඩොලරයක් සඳහා මීට පෙර පැවති අවම අගය වූයේ 160යි දශම 0069ක්.

ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පැවති ඉල්ලුම, අපනයනකරුවන් ඩොලර් විකිණීම අභිබවා යාම මෙලෙස රුපියල අවප්‍රමාණ වීමට හේතුවයි.