ඉන්දු - ශ්‍රී ලංකා නව ගිවිසුමක්

Tuesday, 18 September 2018 - 13:33

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
එළවළු සහ පළතුරු ගබඩා කිරීමේ ශීතාගාරයක් ඉදිකිරීම් සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඊයේ (17) ගිවිසුමකට එළඹුණා.

රුපියල් මිලියන 300 ක ඉන්දියානු ආධාර යටතේ දඹුල්ලේ ඉදිකෙරෙන මෙම ශීත ගබඩාව තුළ මෙටි‍්‍රක් ටොන් 5000 ක එළවළු සහ පළතුරු ගබඩා කිරීමට හැකිවනු ඇති.

සියයට 40 ඉක්මවූ පසු අස්වනු හානිය අවම කර ගැනීම සඳහා මෙම ගබඩාව ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

අතිරික්ත ඵලදාව ගබඩා කිරීම, මිල පාලනය මෙන්ම පාරිභෝගිකයන් වෙත ඉහළ ප්‍රමිතියෙන් යුත් කෘෂි නිෂ්පාදන ලබාදීම ද මෙම ව්‍යාපෘතියේ අරමුණක්.