රුපියල රැකගන්න මහ බැංකුව සූදානම්

Sunday, 23 September 2018 - 8:08

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අසාමාන්‍ය ලෙස පහත වැටීම පාලනය කිරීමට මැදිහත්වීමට සූදානම් බව මහ බැංකුව පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ එලෙස මුදල් වෙළඳපොලේ අසීමිත විචලනයක් අඛණ්ඩව පැවතීමට ඉඩදිය නොහැකි බවයි.

එවැනි අවස්ථාවකදී ඊට ආක්‍රමණශීලීව මැදිහත්වීමට සූදානම් බව ඔහු අවධාරණය කළා.

ඩොලරයේ  විකුණුම් අගය පසුගිය සිකුරාදා රුපියල් 170 යි ශත 65 දක්වා ඉහළ ගිය අතර, මේ මාසය තුළ රුපියලේ පහත වැටීම සියයට 4.5 ක්.

එමෙන්ම වසර තුළ මේ දක්වා රුපියල සියයට 9.9 කින් අවප්‍රමාණ වී තිබෙනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ සාමාන්‍ය අගය රුපියල් 169 ක් වූ අතර, මහ බැංකුව මැදිහත්වීමෙන් අනතුරුව එය රුපියල් 168 යි ශත 50 සීමාවට පැමිණුනා.

පසුගිය කාලය තුළ රුපියල කඩාවැටීමේදී මහ බැංකුව මැදිහත් නොවූ අතර, ඒ සඳහා මහ බැංකුව නැවතත් මැදිහත්වීම විශේෂත්වයක්.