‘අයිස්’ මිලත් නගී

Tuesday, 02 October 2018 - 12:35

%E2%80%98%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%99+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B7%93
නිෂ්පාදිත පිරිවැය වැඩිවීම නිසා අයිස් හොන්ඩරයක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට අයිස් නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ තම නිෂ්පාදන පිරිවැය පියවා ගැනීම සඳහා මෙලෙස මිල වැඩි කර ඇති බවයි එම සංගමයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

කෙසේ වෙතත්, ධීවර සංස්ථාව සතු කර්මාන්තශාලාවල අයිස් මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කර නොමැති බව එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දහම් පුස්සැල්ල කියා සිටියා.

මේ වන විට කිලෝග්‍රෑම් 50ක අයිස් හොන්ඩරයක් රුපියල් 220කට අලෙවි වන අතර නව සශෝධනයට අනුව එය රුපියල් 250ක් වනු ඇති.

අයිස් සඳහා පාලන මිලක් ඉදිරියේදී හදුන්වා දීමට අපේක්ෂා කරන බවයි ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.