සහල් සඳහා පාලන මිලක් - ආනයනික කිරිපිටි බදුත් ඉහළට

Wednesday, 03 October 2018 - 13:42

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 108කට සහ නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 88 කට අලෙවි කිරීමටයි තීරණය වී ඇත්තේ.

එය ක්‍රියාත්මක දිනය පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ.

ඉදිරියේදී සහල් මිල ඉහල යාමේ අවධානමක් පවතින බැවින් ඊට පෙර වෙළඳපොලේ පාලන මිලක් ඇති කිරීම මෙහි අරමුණයි.

මේ අතර, ආනයනික කිරිපිටි සඳහා පවතින බද්ද ද රුපියල් 15කින් ඉහල දැමීමට ජීවන වියදම් කමිටුවේදී තීරණය කර තිබෙනවා.

එය තවත් සති දෙකකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මේ හරහා වෙළඳපොලේ පවතින කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ යාමක් සිදු නොවන බවයි ජීවන වියදම් කමිටුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.