එක් රැයකින් අක්කර දහසක් වනසන ‘‘සේනා’’ ශ්‍රී ලංකාවේ

Friday, 09 November 2018 - 21:32

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%83%E0%B6%B1+%E2%80%98%E2%80%98%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E2%80%99%E2%80%99+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
‘‘ෆෝල් ආමිවෝම්’’ හෙවත්, සේනා නමැති දළඹු විශේෂය අම්පාර, අනුරාධපුරය, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පැතිර යමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එක් රැයකින් අක්කර දහසක වගාවක් වුව ද විනාශ කළ හැකි මෙම දළඹු විශේෂය සමූහයක් වශයෙන් වගා හානි සිදුකරන නිසා සේනා ලෙස හැදින්වෙන බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

වී, බඩ ඉරිගු, ඇතුළු රනිල බෝග සහ එළවළු වර්ග මෙන්ම, තවත් බෝග 100 කට පමණ මෙම දළඹුවා බරපතල හානි සිදුකරනවා.

සේනා දළඹුවන් මර්දනයට යොදන කෘමිනාශක වර්ග කෘෂි උපදේශකවරුන්ගෙන් ලබා ගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.