පුහුණු වැඩමුළුවක් සඳහා AIA රක්ෂණ සමාගම, Spurs පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන් දෙදෙනෙකු ගෙන්වයි

Thursday, 04 April 2019 - 16:39

%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+AIA+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%2C+Spurs+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
AIA රක්ෂණ සමාගම, එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු කණ්ඩායමක් වන ටොටන්හම් හොට්ස්පර්ස් හි ඉතා ප්‍රසිද්ධ පුහුණුකරුවන් දෙදෙනෙකු ගෙන්වා ශ්‍රී ලංකාව තුළ පාපන්දු වැඩමුළුවක් පවත්වනු ලැබුවා.

මෙම පුහුණු කඳවුර පවත්වනු ලැබූයේ තෝරා ගන්නා ලද තරුණ, දක්ෂ පාපන්දු ලෝලීන් 50 දෙනෙකු ස‍දහායි.

එම ක‍‍දවුර පවත්වන ලද්දේ TAFA (තාබිට් අහමඩ් පාපන්දු ඇකඩමිය) සම‍ග හවුලේ වන අතර ඔවුන් විසින් සහායක පුහුණුකරුවන් සහ වෙනත් අවශ්‍ය සහාය සපයා දෙනු ලැබුවා.  

AIA එංගලන්ත ප්‍රිමියර් ලීග් තර‍‍ගාවලියේ ඉහළින්ම ශ්‍රේණිගත ටොටන්හම් හොට්ස්පර් පාපන්දු සංගමයේ නිල කමිස හවුල්කරුවා ද වනවා.

එමෙන්ම ඔවුන්ට ආසියාව පුරා ලක්ෂ ගණන් පාපන්දු ලෝලීන් සිටිනවා.

නිරෝගී ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමේ දී ක්‍රීඩාව තුළ ක්‍රියාකාරී සහභාගිත්වය ඇති කරන බලපෑම සහ කණ්ඩායම් වැඩ, විනය සහ ක්‍රීඩාශීලිත්වය වැනි ධනාත්මක සාරධර්ම පුද්ගලයින්ගේ ජීවිත වලට ධනාත්මකව බලපාන ආකාරය පිළිබ‍ද වැදගත් කාර්යභාරය තමන් හ‍දුනාගෙන ඇති බවයි AIA සමාගම සඳහන් කළේ.

\"\" \"\" \"\" \"\" \"\" \"\"