විදේශ සංචිතය ඉහළ යයි

Sunday, 14 April 2019 - 19:03

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙරට විදෙස් සංචිත මාර්තු මාසය අවසාන වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 7 යි දශම 6 දක්වා, වර්ධනය වී තිබෙනවා.

පෙබරවාරි මාසය අවසානයේ විදේශ සංචිතය පැවතුනේ ඩොලර් බිලියන 6 යි දශම බින්දුවයි 3 ක් ලෙසයි.

ඒ අනුව, මාර්තු මාසය තුළ විදේශ සංචිතය ඩොලර් බිලියන 1 යි දශම 5 යි 8 කින් ඉහළ යාම විශේෂත්වයක්.

මෙම සංචිතයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු අරමුදල් ද ඇතුළත්.