විදේශ සංචිතය පහළ බසී

Saturday, 18 May 2019 - 13:12

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%B6%E0%B7%83%E0%B7%93
පසුගිය අප්‍රේල් මාසය තුළ මෙරට විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 416කින් පහත වැටී ඇති බව නිළ දත්ත මගින් පෙනී යනවා.

මාර්තු මාසයේ මෙරට විදේශ සංචිතය ඩොලර් මිලියන 7629.2ක් වූ අතර, අප්‍රේල් මාසයේදී සටහන් වන්නේ ඩොලර් මිලියන 7212.7ක් ලෙසයි.

අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවටඩොලර් මිලියන 500ක් වටිනා ස්වෛරීත්ව බැඳුම්කර හිලව් කිරීමට සිදුවූ අතර, විදේශ සංචිතය පහත වැටීමට එය බලපෑ ඇති බව සඳහන්.

කෙසේ නමුත්, දේශීය ණය නිකුතු දුර්වලවීම නිසා රාජ්‍ය හෝ පෞද්ගලික අංශය වෙත ලැබෙන විදේශ විනිමය තුළින් සංචිතය වර්ධනය විය හැකි බව විශ්ලේෂකයන්ගේ අදහසයි.