Huawei සමාගමෙන් සිය පාරිභෝගිකයින්ට සහතිකයක්

Tuesday, 21 May 2019 - 19:07

Huawei+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලොව වටා Android තාක්ෂණයේ වර්ධනයට සහ දියුණුවට සැළකියයුතු දායකත්වයක් Huawei සමාගම විසින් ලබා දී තිබෙනවා.

ඔවුන්ගේ ප්‍රධාන ගෝලීය හවුල්කරුවකු වන Huawei සමාගම සිය පරිශිලකයින්ගේ සහ තාක්ෂණික කර්මාන්තයේ යහපත උදෙසා විවෘත මෙහෙයුම් පද්ධති සමඟ සමිපව කටයුතු කර තිබීම විශේෂයක්.

දැනට සිය පරිශීලකයින් විසින් භාවිත කරනු ලබන සහ විකිණීමට සුදානම් කර ඇති සියලු Huawei ජංගම දුරකථන සහ ටැබ්ලට් සදහා සියලු ආරක්ෂක යාවත්කාලීන කිරීම් සහ අලෙවියෙන් පසු සේවා අඛණ්ඩව ඉදිරියටත් ලබාදීමට සමාගම කටයුතු කර තිබෙනවා.

තවද ගෝලීයව සියලු පරිශීලකයන් සඳහා ඉතා හොද අත්දැකීමක් ලබාදීම සඳහා ඉදිරියේදී Huawei සමාගම විසින් සුරක්ෂිත සහ තිරසාර මෘදුකාංග පද්ධතියක් ගොඩනගන බවයි එම සමාගම පවසන්නේ.

මෙරට වෙළඳපල තුළ දැනට පවතින Huawei ස්මාර්ට් ජංගම දුරකථන සඳහා අඛණ්ඩව සිය සහය ලබාදෙන බවට Huawei සමාගම සිය පාරිභෝගිකයින්ට සහතික වනවා.