බී ළුෑණු සහ සුදුළුෑණු මිල ඉහළට

Monday, 17 June 2019 - 8:45

%E0%B6%B6%E0%B7%93+%E0%B7%85%E0%B7%94%E0%B7%91%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%91%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඉන්දියාවේ බී ළුෑණු මිල පසුගිය සතියේ ඉහළ යාම හේතුවෙන් දේශීය වෙළඳපොළේ බී ළුෑණු කිලෝවක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු කියා සිටියේ ඒ අනුව මේ වන විට බී ළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 95ත්, 100ත් අතර මිලකට අලෙවි වන බවයි.

එමෙන්ම චීනයේ සුදු ළුෑණු මිල ඉහළ යාම නිසා මෙරට සුදු ළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 40කින් පමණ මිල ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කළා.  

මේ අතර, දේශීය ලොකුළුෑණු ගොවීන් දිරිමත් කිරීමේ අරමුණින් පසුගිය දා රජය ආනයනික ලොකුළුෑණු කිලෝවක් සඳහා පැවති රේගු බදු රුපියල් 20කින් වැඩි කරනු ලැබුවා.