Airtel නව පෙරළියක් අරඹයි

Wednesday, 10 July 2019 - 16:28

Airtel+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
2019 ජූනි 25, කොළඹ - විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ පෙර නොවූ විරූ විප්ලවයක ලක්වනු ඇතැයි අපේක්‍ෂිත පියවරක් සටහන් කරමින්Airtel lanka සමාගම අසීමිතව ඇමතුම් ලබාගත හැකි නව පැකේජයක් හඳුන්වා දෙයි.

රුපියල් 98කට පිරිනැමෙන මෙම පැකේජය, පාරිභෝගිකයන් අතර දැඩි ආකර්ෂණයක් ඇතිකරන බව විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ බහුතර විශ්ලේෂකයන්ගේ මතයයි.

ආවරණය හා සේවා ප්‍රදානයේ ගුණාත්මකභාවය දිනෙන් දින ඉහළින්ම ඔප්පු කරනු ලබන Airtel විසින් මෙම සීමාරහිත ඇමතුම් පැකේජය මගින් සිය පාරිභෝගිකයන්ට අදහාගත නොහැකි වාසියක් පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයට නවතම පිවිසුම්කරුවෙකු ලෙසAirtel සැම විටම නව්‍යකරණයෙන් යුතු කටයුතු කරන අතර පාරිභෝගිකයන්ට උසස් සේවාවක් පිරිනැමීමේදී හා කර්මාන්තය නිරන්තරයෙන් විප්ලවීකරණයට ලක්කිරීමේදී අ්දවිතීය කාර්යභාරයක් ඉටු කරයි.

මෙම නව සේවාව දියත් කිරීමත් සමඟ Airtel හී කීර්තිනාමය තවදුරටත් ව්‍යාප්ත වනු ඇත.

‘කතා බස්’ යනුවෙන් නම්කර ඇති මෙම නව පැකේජය Airtel සමාගමේ පෙරගෙවුම් සම්බන්ධතා තවදුරටත් සරල කරන අතරම දැරිය හැකි මිල, පහසුබව හා සරලභාවය යන පාරිභෝගික අවශ්‍යතා මැනවින් සපුරාලයි.

රුපියල් 98කට දින 30ක කාලයක් වලංගු මෙම ‘රීචාර්ජ්’ පැකේජය වර්තමානයේ බොහෝ අතවශ්‍ය දේ සඳහා වැයවන මිල හා සැසඳීමේදී බොහෝ පහසුවෙන් දරාගත හැකි අගනා සේවාවකි.

Bharati Airtel Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා කළමණාකාර අධ්‍යක්ෂ Jinesh Hegde මහතා අදහස් දක්වමින්.

‘ අපගේ පාරිභෝගිකයන් නොබිඳුනු සබඳතාවක් බලාපොරොත්තු වෙන්නෙ ඔවුන්ගේ කාර්යබහුල ජීවන රටාවට සහයක් ලබාදීමටයි. මෙම විප්ලවීය රීචාර්ජ් පැකේජය ඇත්තවශයෙන්ම සැලසුම් කරලා තියෙන්නෙ පාරිභෝගික අත්දැකීම් සරල කරන්න වගේම සෑම කෙනෙක්ටම වැඩි යමක් ලබාදෙන්නයි. මුදල් ඉතිරි කිරීමේ පරමාර්ථයෙන් පාරිභෝගිකයන්ට තවදුරටත් ඔවුන්ගේ දුරකථන ඇමතුම් අවම කිරීමට අවශ්‍ය නැහැ’ යනුවෙන් පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූූ ඒ මහතා ‘මීට අමතරව, වර්තමානයේ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය ඉහළ යෑමත් සමඟ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාගැනීමට ඉහළ මිලකින් යුත් පැකේජයන් තෝරාගැනීමේ අවශ්‍යතාවක් නැහැ’ යනුවෙන්ද පැවැසීය.

මෙම නව පැකේජය හඳුන්වාදීමත් සමඟ ්සරඑැක පාරිභෝගිකයන්ට තම ආදරණීයන් සම්පූර්ණයෙන්ම නොමිලේ ඇමතීමේ හැකියාව ලැබේ. දැරිය හැකි මිලකට හිමිවන මෙම පැකේජය නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලබාගන්නා පාරිභෝගිකයන්ට අතිශයින් ගැලපෙන අතර පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමේAirtel පොරොන්දු ඉටු කරමින්, පූර්ණ ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් ලබාදෙමින් පාරිභෝගිකයන්ට සැමවිටම සම්බන්ධ වී සිටින්නට අවකාශය ලබාදී තිබේ.

අසීමිත දුරකථන ඇමතුම්වලට අමතරව දින 30ක කාලයක් වලංගු SMS 1000ක් හා 100 MB Data මෙම රීචාර්ජ් කාඩ්පත සමඟ හිමිවේ.

පාරිභෝගිකයන්ගේ සියලූම ජංගම අවශ්‍යතා එකම පැකේජයක් හරහා ලබාගැනීමට හැකිවන පරිදි මෙම පැකේජය සැළසුම් කර ඇත.

පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඔවුන් වෙතට සමීප කරමින් හා පහසු සේවාවක් ලබාදීමේ පොරොන්දු ඉටුකරමින් Airtel lanka සමාගම බොහෝ නව්‍යකරණ විසඳුම් දියත් කරමින් සිය පාරිභෝගික කේන්ද්‍රී ප්‍රවේශයන් අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වෙයි.

www.facebook.com/airtellife/ වෙබ් අඩවියට පිවිසීමෙන් පාරිභෝගිකයන්ට නව සබඳතා සිම්කාඞ්පත පිළිබඳ විමසීමට හැකිය.

රීචාර්ජ් කාඩ්පත් දිවයින පුරා පිහිටි Airtel අලෙවිසැල් මඟින් ලබාගත හැකි අතර MyAirtel App එක හරහා හෝ https://recharge.airtel.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් එම පැකේජය සක්‍රීය කිරීමට හැකිවේ.

Bharati Airtel Lanka සමාගම යනු..

Bharati Airtel Lanka (Airtel) සමාගම 2009 වසරේ ජනවාරි මාසයේ 12 වැනිදා ශ්‍රී ලංකාවේ වානිජ මෙහෙයුම් සේවා දියත් කළ අතර වේගවත්ම මිලියනයක පාරිභෝගික ජාලය ගොඩනැඟීමේ ගෞරවයද Airtel ජාලය සතුය.

වසර 3කටත් අඩු මෙහෙයුම් කාලයකින් රටපුරා තම ජාලය ව්‍යාප්ත කරමින් විවිධ ක්ෂේත්‍රයන්හි උපායමාර්ගික ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණ ගන්නටද ඔවුන් සමත් වූ අතර දිවයින පුරා ආවරණය තහවුරු කරමින් Airtel, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජංගම දුරකථන ජාලය බවටද පත්විය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වී තිබෙන Airtel හඬ ඇමතුම් හා දත්ත ඇතුළත් ඩිජිටල් ජංගම සේවා සපයයි.

වැඩිදුර තොරතුරු සඳහා www.airtel.lk වෙබ් අඩවියට පිවිසෙන්න.



\"\" \"\" \"\"