2019 වසරේ ලොව සංචාරයට වඩාත්ම ආකර්ශනීය දිවයින ලෙස ඇමරිකානු සංචාරක සහ විනෝදාස්වාද සගරාවක් මගින් ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.
පාඨකයන්ගේ ඡුන්දයෙන් ප්‍රථම වරට සකස් කරන ලද ආකර්ශනීයතම දූපත් ලැයිස්තුවේ මුල් තැන ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ ජෛව විවිධත්වයෙන් පොහොසත් රටක් වීම හේතුවෙන්.
වන දිවිය, සමුද්‍ර ජීවීන්, කඳුකරයේ තේ වතු මෙන්ම ආකර්ශනීය වෙරළ තීර හේතුවෙන් ශ්‍රී ලංකාව නියත වශයෙන්ම සංචාරය කළ යුතු දිවයිනක් ලෙස ට්‍රැවල් ඇන්ඞ් ලෙෂර් සඟරාව සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සංචාරයට වඩාත් ආකර්ශනීය දිවයින බවට පත්ව ඇත්තේ ග්‍රීක දිවයින්, මාල දිවයින, ෆීජි, හවායි සහ පිලිපීන දිවයින් අභිබවමින්.
ඇමරිකානු සංචාරක සඟරාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නැවතත් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වෙමින් පවතින බවයි.
තවත් ප්‍රකට සංචාරක සඟරාවක් වන ලෝන්ලි ප්ලැනට් මගින් ද ශ්‍රී ලංකාව මේ වසරේ ලොව අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස යළි තහවුරු කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රතිවිපාක පිටුදකිමින්.