වාහන මිල තවත් ඉහළ යන ලකුණු

Wednesday, 28 August 2019 - 19:10

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
වාහනවල එන්ජින් ධාරිතාව නොතකා ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 35 ඉක්මවන්නේ නම් සුඛෝපභෝගී බද්දට යටත් කිරිමට රජය සැරසෙන බව වාහන ආනයනකරුවන් පවසනවා.

ඒ අනුව ආනයනික හෝ මෙරට එකලස් කරන සියලූම වාහනවල මිල කැපී පෙනෙන ලෙස වැඩිවීමේ හැකියාවක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වසරේ මාර්තු 5 වනදා ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනාවට අනුව එන්ජින් ධාරිතාව 2300 ඉක්මවන ඞීසල් වාහන සහ 1800 ඉක්මවන පෙට්‍රල් වාහන මෙන්ම කිලෝවොට් 200 ඉක්මවන විදුලි වාහන සහ එන්ජින් ධාරිතාව 2200 ඉක්මවන ද්විත්ව කාර්ය වාහන සඳහා පමණක් මෙම සුඛෝපභෝගී බද්ද පැනවීමට කටයුතු කෙරුණා.

එහෙත් මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අගෝස්තු 22 වනදා නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව මේ වසරේ ජූලි 1 වනදාට පසු ලියාපදිංචි කරන ලද වාහනවලට එන්ජින් ධාරිතාව සැළකිල්ලට නොගෙන අදාළ බදු පැනවීමට නියමිතයි.

වෑන් රථ, සිංගල් කැබ්, යතුරුපැදි, ත්‍රිරෝද රථ, ගිලන් රථ, ලොරි, ට්‍රැක්ටර් සහ අවමංගල්‍ය රථ ආදියට එම බදු අදාළ නොවනු  ඇති.

කෙසේ නමුත් ඊට අදාළ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලදීගැනීම තවදුරටත් සිහිනයක් වනු ඇති බවයි වාහන ආනයනකරුවන් වැඩිදුරටත් සඳහන් කළේ.