2019 සංචාරකයින් මිලියන 1.91 ක්

Sunday, 05 January 2020 - 8:04

2019+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+1.91+%E0%B6%9A%E0%B7%8A
පසුගිය 2019 වසර තුළ දිවයිනට සංචාරකයන් මිලියන 1 යි දශම 9 යි 1 ක් පැමිණ ඇති අතර, එය පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරය යලි ප්‍රකෘතිමත් වීම පිළිබිඹු කෙරෙනවා.

විශේෂයෙන් දෙසැම්බර් මාසයේදී වාර්තාගත ලෙස සංචාරකයන් දෙලක්ෂ 41,663 ක් දිවයිනට පැමිණීම විශේෂත්වයක්. කෙසේ නමුත්, 2018 වසරේදී සංචාරකයන් මිලියන 2 යි දශම 3 ක් දිවයිනට පැමිණියා.

ඒ අනුව, 2019 වසරේදී දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 2018ට සාපේක්ෂව සියයට 18 කින් පහත වැටී තිබෙනවා.

2019 වසරේදී දිවයිනට සංචාරකයන් මිලියන 2 යි දශම 5 ක් පැමිණෙනු ඇති බවටයි මුලින් ඉලක්ක කෙරුණේ.

2019 දෙසැම්බරයේ පැමිණි සංචාරක සංඛ්‍යාව ද 2018 දෙසැම්බරයට සාපේක්ෂව සියයට 4 යි දශම 5 කින් අඩු අගයක්.