අඩු කළ බදු සහන නොදෙන සමාගම් සහ ආයතනවලට එරෙහිව නීතිමය පියවර

Monday, 13 January 2020 - 12:55

%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
දෙසැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක කළ බදු සංශෝධනයේ වාසිය මෙතෙක් පාරිභෝගිකයින්ට ලබා නොදෙන සමාගම් සහ ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කළේ එවැනි ආයතන කිහිපයක ප්‍රධානීන් අධිකාරිය වෙත කැඳවා උපදෙස් ලබාදුන් බවයි.

එහෙත් ඇතැම් සමාගම් තවදුරටත් වැට් බද්ද අඩු කිරීම සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරීමේ වාසිය ලබාදී නොමැති බවට පාරිභෝගිකයින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව අදාළ විමර්ශන සිදුකිරීමට කටයුතු කර ඇති බවයි එම අධිකාරියේ අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර සඳහන් කළේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස පළවනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම භාණ්ඩ හා සේවා සඳහා පනවා තිබෙන සියයට 15 ක වැට් බද්ද සියයට 8 දක්වා අඩු කෙරුණු අතර, ජාතිය ගොඩනැගීමේ බද්ද දේශීය භාණ්ඩ සඳහා ඉවත් කිරීමට රජය පියවර ගනු ලැබුවා.