කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 1773 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලොව පුරා රටවල් 29 කින් කොවිඞ් - 19 ආසාදිතයන් 71,292 ක් වාර්තාවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ අතර කොරෝනා වෛරසය මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපෑ හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අගවා තිබෙනවා.
එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියාවා ඩුබායි හි පැවති ජාත්‍යන්තර සමුළුවකදී ප්‍රකාශ කළේ මෙම වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධනය වන සියයට 3.3ක ප්‍රතිශතය සියයට 0.1 දක්වා පහත වැටෙනු ඇති බවයි.
එය දශකයක් තුළ වාර්තා වන අවම ආර්ථික වර්ධනය බවත් ඇය එම සමුළුවේදී සදහන් කළා.
එවැනි පුරෝකථනයක් සිදුකිරීමට මෙය කල් වැඩි වුවද දැනටමත් සංචාරක හා ප්‍රවාහන අංශයන් කෙරෙහි දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියාවා කියා සිටියේ.
2002 වසරේ සාස් වෛරසය ව්‍යාප්තිය අවස්ථාවේ ලෝක ආර්ථිකයට චීනයේ දායකත්වය සියයට 8.0ක් වුවද එය මේ වන විට සියයට 19 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඇය එහිදී පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම ජපානයේ යොකොහමා වරායේදී නිරෝධානයට ලක් කෙරුණු මගීන් 3700 ක් රැගත් ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ 400 ක් වන තම පුරවැසියන් ඉවත් කරගත් බව ඇමරිකාව ප්‍රකාශ කළා.