වසංගතය හමුවේත් ඩොලරය ශක්තිමත්

Tuesday, 07 April 2020 - 13:34

%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B6%BA+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයෙන් ඇමරිකා එක්සත් ජනපදය දරුණු ආපදා තත්ත්වයකට මුහුණදුන්න ද ඇමරිකානු ඩොලරය තවදුරටත් ගෝලීය විනිමය අතර, පෙරමුණේ සිටින බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

පසුගිය මාර්තු මාසයේ අවම අගයකට පත්වුව ද, ඩොලරයේ අගය මේ වසරේදී මේ වනවිට සියයට 6 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ලොව සංචිත විනිමයක් ලෙස ඩොලරයට පවතින තත්ත්වය මෙතෙක් අහිමිවී නොමැති බව විශේලේෂකයන්ගේ අදහසයි. ආපදා තත්ත්වයකදී ඇමරිකානු ආර්ථිකය අර්බුදයකට ලක්වුව ද, ආයෝජකයන් සුරක්ෂිත සංචිතයක් ලෙස ඩොලර් විනිමය යොදා ගනු ලබනවා.

ඇමරිකානු මධ්‍යම සංචිතය හෙවත් එරට මහා භාණ්ඩාගාරය මගින් මූල්‍ය වෙළදපොල ද්‍රවශීලතාව ඇති කිරීම සදහා ඩොලර් ටි‍්‍රලියන ගණනක් මුදා හරිනු ලැබුව ද ඩොලරයේ අගය දුර්වල නොවීම විශේෂත්වයක්.

මේ වසරේදී යුරෝ විනිමයට එරෙහිව ද ඩොලරයේ අගය සියයට 3 යි දශම 5 කින් ඉහළ ගියා. ශ්‍රී ලංකා රුපියල ද මේ වනවිට ඩොලරයට එරෙහිව සීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර, ඩොලරයක විකුණුම් මිල ඊයේ දිනයේ සටහන් වූයේ රුපියල් 199 යි ශත 40 ක් ලෙසයි.