විනිමය පාලන ප්‍රතිපත්තිය ලිහිල් වේ.

Thursday, 03 January 2013 - 8:03

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A.



දැනට පවතින විනිමය පාලන ප්‍රතිපත්ති මෙම වසරේදී සහ ඉදිරියේදී ලිහිල් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඉදිරි විදේශ විනිමය ගණුදෙනු සඳහා පවතින කාලසීමාවන් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත්කර තිබෙනවා. දැනට බලපත්‍ර ලාභී වාණිජ බැංකු විසින් පවත්වාගෙන යන ආයෝජන ගිණුම් ඒකාබද්ධ කරමින් අනේවාසිකයන් සඳහා නව ආයෝජන ගිණුමක් හඳුන්වා දීමටයි මහ බැංකුව පියවර ගෙන ඇත්තේ. ආයෝජන සහ ව්‍යාපාරික කටයුතු සඳහා සමාගම් විසින් විදේශ ණය ලබාගැනීම විදේශ වානිජ ක්‍රමය යටතේ අනුමත කිරීම මේ යටතේ සිදු කෙරෙනු ඇති. ජංගම දුරකථන හරහා එතෙරින් ප්‍රේෂණ ලබාගැනීම සඳහාද මෙමගින් පහසුකම් සැළසෙනු ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.