මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ගැන සුබවාදී අනාවැකි.

Tuesday, 30 April 2013 - 8:56

%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%9A%E0%B7%92.


 

ඉදිරි දෙවර්ෂය තුළ ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ස්ථාවරභාවයක් අපේක්ෂා කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහිදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට හයේ සීමාවේ පවතිනු ඇති බව මූල්‍ය අරමුදලේ අනාවැකියයි. ආසියා පැසිෆික් කලාපයේ ඉදිරි ආර්ථික ප්‍රවණතාවන් පිළිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ නව වාර්තාවක් ඉදිරිපත් කළා. එහිදී මෙරට ආර්ථිකය මේ වසරේ දී සියයට 6.3කින් ද 2014 වසරේ දී සියයට 6.7කින් ද වර්ධනය වනු ඇති බවයි ප්‍රකාශ කර ඇත්තේ. එය මහ බැංකුවේ අපේක්ෂිත ඉලක්කයන්ට වඩා පහළ අගයක් වුවත් දකුණු ආසියානු කලාපයේ රටවල් අතුරින් මූල්‍ය අරමුදල වැඩිම වර්ධනයක් ලබනු ඇතැයි අපේක්ෂා පළ කරන්නේ ශ්‍රී ලංකාවෙන්.