වාහන ආනයන නීති දැඩි කෙරේ.

Friday, 30 August 2013 - 13:24

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.



 

මෝටර් රථ ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී තැන්පතු අවශ්‍යතාව සියයට සියය දක්වා ඉහළ නැංවීමට මහබැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි බස් රථ, ගිලන්රථ, ලොරි සහ ට්‍රක් රථ හැර අනෙකුත් මෝටර් රථ ආනයනයන් සඳහා එම නියෝගය ක්‍රියාත්මක කෙරෙනු ඇති. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පසුගිය කාලය තුළ සීඝ්‍රයෙන් පහත වැටුණා. ඩොලරයක් සඳහා රුපියල් 135 දක්වා රුපියලේ අගය පහත වැටීමෙන් අනතුරුවයි වාහන ආනයනයේ නව රෙගුලාසි මහබැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ. වාහන ආනයනය ඉහළ යාම රුපියල අගය කෙරෙහි තවදුරටත් බලපෑම් ඇතිකළ හැකිවීම ඊට හේතුවයි.