පොහොර සහනාධාරය සියයට 15 කින් වැඩි කෙරේ.

Tuesday, 03 September 2013 - 19:40

%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+15+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

ඉදිරි මහ කන්නය සඳහා ලබාදෙන රජයේ පොහොර සහනාධාරය 2013 වසරේ යළ කන්නයට සාපේක්ෂව සියයට 15 කින් ඉහළ දමා තිබෙනවා. මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මහ කන්නයේදී හෙක්ටයාර හත් ලක්ෂයක පමණ වී වගා කිරීමට අපේක්ෂා කරන බවයි. එම භූමි ප්‍රමාණය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගා නිර්දේශ පිළිබඳව සැළකිල්ලට ගෙන මෙලෙස පොහොර සහනාධාරය ඉහළ දැමූ බව අමාත්‍යාංශය සඳහන් කළා. මහ කන්නයේ පොහොර අවශ්‍යතාවය සැපයීම සඳහා ප්‍රමාණවත් තොග මේ වනවිට ගබඩා කර ඇති අතර රජය ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 40 000 ක්.