වික්‍රම්ගෙන් තවත් වික්‍රමයක්

Thursday, 22 October 2015 - 10:57

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දෙමළ සිනමාවට නැවුම්බවක් ලබාදීමට සැමවිටම උත්සාහ කරන කොලිවුඩයේ වික්‍රම් මෙවර ද එවැනි උත්සාහයක නිරත වී තිබෙනවා. ඒ ඔහු විසින් රංගනයෙන් දායකත්වය ලබාදෙනු ලැබූ \"10 Endrathukulla\" චිත්‍රපටය හරහායි. විජේ මිල්ටන්ගේ අධ්‍යක්ෂණයෙන් සහ ඒ.ආර්. මුරුගදාස්ගේ නිෂ්පාදනයකින් ඊයේ (21) දිනයේ ලොව පුරා තිරගත වූ මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට ඔවුන් වැය කළ මුදල ඉන්දීය රුපියල් මිලියන 400ක් බවයි වාර්තා වන්නේ. සටන් ජවනිකා, ආදරය අතර දෝලනය වන මෙම චිත්‍රපටය පුරා මිනිත්තු 144ක් රසිකයින්ගේ හදවත් සොරාගනු ඇති බවයි වික්‍රම් ඊයේ මෙම චිත්‍රපටයේ රිදී තිරයට පැමිණෙන අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙන්නේ.

මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් බලන්න....



වික්‍රම් මීට පෙර රගපෑ චිත්‍රපට කිහිපයක පූර්ව ප්‍රචාරක වීඩියෝ පහතින් බලන්න....