පෙම්වතුන්ගේ දිනය ලං වෙද්දී විරාත් කෝලිට පෙම අහිමි වෙයි (ඡායාරූප)

Thursday, 11 February 2016 - 9:12

%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BD%E0%B6%82+%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ලොව පුරා පෙම්වතුන් ආදරවන්තයන්ගේ දිනය සැමරීමට සුදානම් වන අවස්ථාවකදී ලෝකයේම අවධානයට ලක්වු පෙම්වතුන් යුවළකගේ වෙන් වීමක් ද විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.

ඒ ඉන්දියාවේ සුපිරි නිළියක් වු අනුෂ්කා ශර්මා සහ ඉන්දියාවේ සුපිරි පිතිකරුවකු වු විරාත් කෝලිගේ පෙම් සබඳතාවයි.

ඉන්දීය සුපිරි පිතිකරුවා සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති ඡායාරූප සහ අදහස් ඔස්සේ එය පැහැදිළි වන බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙනවා.

එමෙන්ම මුම්බායි නුවර පසුගියදා පැවති සාදයකට ද විරාත් කෝලි තනිව පැමිණ සිටි බව සඳහන්.

මීට පෙර පැවති සෑම සාදයකට මෙන්ම උත්සවයකට ද විරාත් කෝලි පැමිණ තිබුනේ අනුෂ්කා ශර්මා සමගයි.

2013 වසරේ වෙළඳ දැන්වීමක් පටිගත කිරීමකදී දැන හඳුනාගත් විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මාගේ ප්‍රේමය ඉන්දියාවේ ක්‍රිකට් ලෝලීන් මෙන්ම චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතර දැඩි කථා බහකට ලක්වුනා.

එමෙන්ම මාධ්‍ය ඉදිරියේත් ඔවුන් දෙදෙනා සිය ප්‍රේමය පිළිබඳ නොපැකිළව හෙළිකර තිබු බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔවුන් දෙදෙනාගේ වෙන්වීමට හේතුව පිළිබඳ ඉන්දීය මාධ්‍ය තුල කට කථා කිහිපයක් ද පැතිර යනවා.

ඉන් එක් තොරතුරක් වන්නේ විරාත් කෝලි අනුෂ්කා ශර්මාට විවාහ යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ ඇය එය ප්‍රතික්ෂේප කිරීමයි.

දෙදෙනාම තම වෘත්තීන්වල ඉහළ ස්ථානයක පසුවන අවස්ථාවේ විවාහ වීම නුසුදුසු බව අනුෂ්කා ශර්මා විරාත් කෝලිට ප්‍රකාශකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.

විරාත් කෝලි ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලින් අනුෂ්කා ශර්මා ඉවත් කර තිබුන ද සුපිරි නිළියගේ සමාජ මාධ්‍ය ගිණුම්වල විරාත් කෝලි සිටින බව සඳහන්.

කෙසේවෙතත් මෙම පෙම් යුවළගේ වෙන්වීමක් පිළිබඳ මෙතෙක් නිශ්චිතව තොරතුරු හෙළිවී නැහැ.

\"\"\"\"
\"\" \"\" \"\" \"\" \"\" \"\"