ප්‍රින්ස්ගේ ගිටාරය රුපියල් දෙකෝටියකට අලෙවි වේ

Sunday, 26 June 2016 - 9:41

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
පසුගියදා අනපේක්ෂිත මරණයකට ගොදුරු වූ සුප්‍රකට පොප් ගායක ප්‍රින්ස්ගේ ගිටාරය ඇමරිකාවේ පැවති වෙන්දේසියකදී ඩොලර් එක්ලක්ෂ තිස්හත්දහස් පන්සීයකට එනම් රුපියල් දෙකෝටියකට ආසන්න මුදලකට අලෙවි වී තිබෙනවා.

කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස් හි පැවැත්වූ වෙන්දේසියකට ඉදිරිපත් කෙරුණු මෙම ගිටාරය ප්‍රින්ස්ගේ ප්‍රියතම වාදන භාණ්ඩයයි.

යෙලෝ ක්ලවුඞ් ගිටාර් ලෙස මෙම ගිටරය 1980 දශකයේදී ප්‍රින්ස් වෙනුවෙන්ම නිපදවා ඇති අතර, 90 දශකය මැද භාගය වනතුරු ඔහු එය සංගීත සංදර්ශන සඳහා යොදාගත්තා.  

එය මිලදීගෙන ඇත්තේ ඇමරිකාවේ ඉන්දියානාපොලිස් හි පාපන්දු කණ්ඩායමක් හිමි ජිම් ඉර්සේ නැමැත්තෙක්.

ඔහු මීට පෙර බොබ් ඩිලන්, ජෝන් ලෙනන් වැනි ප්‍රකට බටහිර ගායකයන්ගේ වාදන භාණ්ඩ මිලදීගෙන ඇති අතර, පසුගිය  දෙසැම්බරයේදී බීට්ල්ස් කණ්ඩායමේ රින්ගෝ ස්ටාර් භාවිත කළ ඩ‍්‍රම් කට්ටලය මිලදී ගත්තේ ඩොලර් මිලියන 2.1 ක් වැය කරමින්.