කබාලි ජනප්‍රිය වීමත් සමග රජිනි ඛාන්ත්ගෙන් විශේෂ ලිපියක්

Wednesday, 27 July 2016 - 16:48

%E0%B6%9A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%BB%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%99%E0%B7%8A%E0%B7%82+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය දමිළ සිනමාවේ ජනප්‍රිය චරිතයක් වන රජිනි ඛාන්ගේ නවතම චිත්‍රපටය වු කබාලි මේවන විට ඉන්දියාවේ සිනමාහල් රැසක සාර්ථකව ප්‍රදර්ශණය වෙමින් පවතිනවා.

ඊට ඉහළ ප්‍රෙක්ෂක ප්‍රතිචාර හිමිවෙමින් පවතින බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ.

චිත්‍රපටය ජනප්‍රිය වීමත් සමග සිය රසිකයන් වෙත ලිපියක් යොමු කරමින් රජිනි ඛාන්ත් ප්‍රකාශකර ඇත්තේ මෙම චිත්‍රපටය සාර්ථක කර ගැනීමට තම රසිකයන්ගෙන් ලැබුනු දායකත්වය ඉතා ඉහළ බවයි.

තමාගේ රෝගී තත්වයන් ද ලැබුනු ප්‍රතිචාර හමුවේ සුව වී ඇති බව රජිනි ඛාන්ත් සඳහන් කර තිබෙනවා.

ඔහු පසුගිය මාස කිහිපයේ අමරිකාවට ගොස් තිබුනේ සිය වැඩිමහල් දියණියගේ නිවසට වී සුවසේ කාලය ගත කිරීමටයි.

එහිදී ඔහු සාමාන්‍යයෙන් සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂාවන් කිහිපයකට ද සහභාගී වී තිබුනා.

කබාලි චිත්‍රපටය ප්‍රදර්ශණය වීමත් සමග ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් තම රෝගී තත්වයන් සුවවු ආකාරයක් දැනෙන බවයි රජින් ඛාන්ත් පෙන්වා දී ඇත්තේ.

කබාලි චිත්‍රපටය අමරිකාවේ ද ඉතා සාර්ථකව ප්‍රදර්ශණය වන බව තමාට දැනගන්නට ලැබුනු බව පසුගිය සඳුදා චෙන්නායි නුවරට පැමිණි රජිනි ඛාන්ත් සඳහන් කලා.

මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයාට මෙන්ම ඊට දායකවු සියලුදෙනාට ද ස්තුතිය පළකරන බවයි රජිනි ඛාන්ත් යොමුකල ලිපියේ දැක්වෙන්නේ.