බොලිවුඩයේ දක්ෂ රංගන ශිල්පියෙක් වන සල්මන් ඛාන් හැකියාවන් බොහොමයකින් පරිපූර්ණ වූ පුද්ගලයෙක්.
සල්මන් අතිශය දක්ෂ චිත්‍ර ශිල්පියෙක් බව බොහෝ දෙනෙකු අතර ප්‍රසිද්ධ කරුණක් බවට පත්වී නැහැ.
කෙසේ වෙතත් ඔහු සිය චිත්‍ර ශිල්පයට ඇති හැකියාව මේ වන තෙක් ආදායම් උපයන මාර්ගයක් බවට පත්කර නොතිබීම විශේෂත්වයක්.
මොහු සිය හැකියාව විනෝදාංශයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර තමන් විසින් අඳිනු ලබන චිත්‍ර බොහෝ අවස්ථාවලදී තෑගි වශයෙන් සිය හිත මිතුරන්ට ලබා දීමට පුරුදු වී සිටි බව සදහන්.
සල්මන් ඛාන් විසින් නිර්මාණය කරන ලද සිතුවමක් ඉන්දීය රුපියල් ලක්ෂ 20 කට මිලදී ගැනීමට ව්‍යාපාරිකයෙකු කැමැත්ත පල කර ඇති බවට වාර්තා වනවා.
කෙසේ වෙතත් සල්මන් මේ චිත්‍රයට බොහෝ සෙයින් ඇලුම් කිරීම හේතුවෙන් ලක්ෂ 20ට වඩා වැඩි මුදලක් ඔහු විසින් ඉල්ලා ඇති බව සදහන්.
ඒ අනුව සල්මන් එම චිත්‍රය සදහා නියම කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටියක්.
එම මුදල ගෙවා අදාල ව්‍යාපාරිකයා විසින් එම චිත්‍රය ලබා ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
සල්මන් ඛාන් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ මෙම මුදල තමන් විසින් පවත්වාගෙන යන ‘Being Human’ නම් සමාජ සත්කාර අරමුදලට ලබා දෙන බවයි.
තමන්ගේ චිත්‍ර නිර්මාණ ඉදිරියේදීත් අලෙවි කළ හොත් සමාජ සත්කාර අරමුදලට ලබා දෙන බවයි සල්මන් ඛාන් වැඩි දුරටත් පවසා ඇත්තේ.
මේ ක්‍රියාව සම්බන්ධයෙන් ඉන්දීය වැසියන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති බව සදහන්.
සල්මන් ඛාන් විසින් අඳින ලද චිත්‍ර කිහිපයක්..