රිද්ම රැයක් 2017 ඔක්තෝම්බර් 29 BMICH හිදී

Monday, 16 October 2017 - 17:42

%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B8+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+2017+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+29+BMICH+%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සම්පාදක වන ඩයලොග් ආසිආටා සමාගම දෙවන වරටත් සහයෝගීත්වය දක්වන \"රිද්ම රැයක් 2017\" ප්‍රසංගය ලබන 29 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා.

ඩයලොග් රිද්ම රැයක් 2017 ප්‍රසංගය විශේෂ තේමාවක් පාදක කර ගනිමින් පඩාත් ප්‍රාසාංගික අයුරුන් රසික සිත් සන්තකයට පත්වන අතර එහිදී 70 / 80 සහ 90 දශකවල සිට 2000 වකවානුව දක්වා වු ගීත සමුහ ගායනා වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම ප්‍රසංගයේදී නවක ගායක ගායිකාවන්ගේ සිට ප්‍රවීණ ගායක ගායිකාවන් දක්වා ශිල්පීන් 50 කට වැඩි පිරිසක් රසික දෙසවන් අමන්දානන්දයට පත් කිරීමටයි සුදානමින් සිටින්නේ.

සනත් නන්දසිරි / මල්කාන්ති නන්දසිරි / දීපිකා ප්‍රියදර්ශණී / ප්‍රදීපා ධර්මදාස / නාමල් උඩුගම / සමිතා මුදුන්කොටුව / එඩ්වඩ් ජයකොඩි / චරිතා ප්‍රියදර්ශණී / කොරින් අල්මේදා / රොනී ලීච් / සොහාන් වීරසිංහ / කීර්ති පැස්කුවෙල් / මෙන්ම කාවින්ද්‍යා අධිකාරී / හර්ෂණ දිසානායක / භාතිය සංතුෂ් ඇතුලු නව පරම්පරාවේ ගායක ගායිකාවන් ද ඊට එක්වනවා.

සංගීත අධ්‍යක්ෂණය සිදු කරනු ලබන්නේ අර්නස්ට් සොයිසා විසින්.

රිද්ම රැයක් 2017 ප්‍රසංගය පිළිබඳ අදහස් දැක්වු ඩයලොග් ආසිආටා සමාගමේ වෙළඳ නාම සහ මාධ්‍ය සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක කියාසිටියේ කලා ක්ෂේත්‍රය සමග සහ කලාකරුවන් සමග ඉතා සමීප සම්බන්ධතාවකින් කටයුතු කරන ඩයලොග් සමාගම දේශීය කලාව නගාසිටුවීමට මෙන්ම ශ්‍රී ලාංකික කලාකරුවන් වෙනුවෙන් නිරතුරුව කැපවන සමාගමක් බවයි.