Hiru Golden Film Awards 2018 සම්මාන සම්ප්‍රදායේ සම්මානනීය රන් සම්මාන මංගල්‍යයේ මාධ්‍ය හමුව

Friday, 31 August 2018 - 15:51

Hiru+Golden+Film+Awards+2018+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80
දශක හතකට වැඩි කාලයක් ඉක්මවූ ලාංකේය සිනමාවංශයේ ප්‍රේක්ෂකයාගේ මනදොල පිනවා සිනමා රසිකත්වයක් තබාගත් සිනමාවේ නුතන කාල පරාසය හුදකලා බවක් ගෙන තිබේ.

එවන් මොහොතකින් සිංහල සිනමාව මුදවා යලිත් සිනමාවේ ස්වර්ණමය යුගය දක්වා සිංහල සිනමාව ඔසවා තැබීමේ මහඟු අරමුණ කරගත් ලාංකීය ටෙලිවිෂන් නාලිකාවක් සිංහල සිනමාව වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ එකම ජාත්‍යන්තර තලයේ සිනමා උළෙලයි හිරු Golden Film Awards.

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ ද සිල්වා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව 2014 වසරේ පළමුවරට හිරු Golden Film Awards 2014 අති උත්කර්ෂවත් ලෙසින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේද 2016 වසරේදී දෙවන වරට කොළඹ නෙලූම්පොකුණ ජාතික රඟහලේද ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක අසිරිය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක හද මත අමරණීයව මතකයේ තබන්නට හැකිවූ බව මේ මොහොතේ සාඩම්බරව ඔබට මතක් කරමු.

මේ උදාවී තිබෙන්නේ 2018 වසරයි.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝද සිල්වා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව තෙවන වරටත් හිරු Golden Film Awards 2018 සම්මාන සම්ප්‍රදායේ රන් සම්මාන මංගල්‍යය 2018 ඔක්තෝම්බර් 27 වන දින සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගනයේදී ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව යළිත් පැවැත්විමට සුදානම් වන බව සතුටින් දන්වා සිටිමු.

මෙවර හිරු Golden Film Awards 2018 සඳහා 2016 - 2017 වසර තුල මෙරට තිරගත වු චිත්‍රපට 50 ක් සමඟ කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් 150 දෙනෙකුගේ කෙටි චිත්‍රපට සම්මාන සඳහා විනිශ්චයන්ට ලක්වන අතර එහිදි කලාත්මක ජනප්‍රිය සහ විශේෂ සම්මාන 40 ක් ප්‍රධානය කිරිමට නියමිතයි.

ජනප්‍රිය සම්මාන සඳහා සුදුස්සන් ජනතා මනාපය යටතේ තෝරා ගැනීමට නියමිතයි.

එය කෙටි පණිවිඩ සේවාව මගින් පමණක් නොව වෙබ් මාධ්‍ය මගින් ලබාදීමට ද සිනමා සම්මාන උළෙලේදී ජනතාවට අවස්ථාව උදාවෙයි.

මේ වන විට කෙටි චිත්‍රපට ලබා ගැනීම අරඹා ඇති බවද සතුටින් යුතුව දන්වා සිටිමු.

2018 ඔක්තෝම්බර් 27 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන හිරු Golden Film Awards 2018 අති උත්කර්ෂවත් සිනමා සම්මාන උළෙල සඳහා මෙවරත් බොලිවුඩ් සිහින සිනමා නිම්නයේ සුපිරි තරු වන ගෝවින්දා, ජුහී චව්ලා, සාහිෆ් අලීඛාන්, ශිල්පා ෂෙට්ටි, සිද්ධාර්ථ මල්හෝත්‍රා, සරීන් ඛාන් සහභාගි වීමට නියමිතයි.

එතෙර මෙතෙර ජනප්‍රිය තාරකාවන් රැසක් පායමින් ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ස්වර්ණමය ස්වරූපය යළිත් වරක් වර්ණවත් කරමින් ලාංකේය සිනමාවේ සියලූම විෂයයන් අභිෂේක ගන්වමින් රන් සම්මානයෙන් පිදීමට හිරු Golden Film Awards 2018 සියල්ල සුදානම් කර ඇත.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න - www.hirugoldenfilmawards.hirutv.lk

\"\"
\"\"\"\"
\"\"
\"\"\"\"\"\"\"\"\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"