ඇස්වලින් ලොවම වසඟයට ගත් තරුණියට අධිකරණ නියෝගයක්

Monday, 03 September 2018 - 13:20

%E0%B6%87%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B7%80%E0%B7%83%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
චිත්‍රපට දර්ශනයක තිබූ ඉඟි පෑමේ දර්ශනයක්‌ නිසා සමාජ ජාල ඔස්‌සේ ප්‍රසිද්ධිය පත් වූ රංගන ශිල්පිනියකට එරෙහිව මුස්‌ලිම් කණ්‌ඩායම් ගොනු කළ නඩුවක්‌ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභා කර තිබෙනවා.

ශිල්පිනියගේ ඉඟි පෑම \"ආගමට අවමන් කරන\" බව සඳහන් කරමින් මෙම නඩුව පවරා තිබෙන බවයි සදහන් වෙන්නේ.

මලයාලම් චිත්‍රපට ගීතයක ඉඟි පාන දර්ශනයක්‌ නිසා ප්‍රියා ප්‍රකාශ් වරියර් (Priya Prakash Varrier) මෙම වසරේ ඉන්දියානු සමාජ ජාල තුළ මහත් ප්‍රසිද්ධියට පත් වූ චරිතයක් බවට පත් වුණා.
 
මුහම්මද් නබි නායකතුමාගේ බිරිඳ ගැන සඳහන් වන \"පූජනීය ගීතයක්‌\" චිත්‍රපටයකට යොදාගැනීම මෙන්ම මෙවැනි ඉඟි පෑම් ඉස්‌ලාම් ආගමට අවමන් කිරීමක්‌ බව පැමිණිලිකරුවෝ පෙන්වා දී තිබෙනවා.

මෙම නඩුවේ පැමිණිලිකරුවන් ගීතය \"වැරදියට වටහා ගෙන\" ඇති බව රංගන ශිල්පිනිය එහිදී සදහන් කර ඇති බවත් සදහන්.
 
අදාළ ගීතය චිත්‍රපටයෙන් ඉවත් කරන්න යෑයි ඉල්ලීම් කරමින් මුස්‌ලිම් කණ්‌ඩායම ගොනු කළ නඩුව, පොලිසිය විසින් ලියාපදිංචි කර තිබෙන අතර  ප්‍රියා ප්‍රකාශ් මෙයට එරෙහිව ඉහළ අධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කර තිබෙනවා.
 
ප්‍රියා ප්‍රකාශ්, චිත්‍රපටයේ අධ්‍යක්‌ෂ සහ නිෂ්පාදකවරයා මුල් නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
 
\"යම් පුද්ගලයෙකු චිත්‍රපටයක ගීතයක්‌ ගයනවා. ඔබට වෙන වැඩක්‌ නැති නිසා ගීතයට එරෙහිව නඩු පවරනවා\" යෑයි පවසමින් ඉන්දියානු අගවිනිසුරු පක්‌ මිශ්රා අදාළ නඩුව නිශ්ප්‍රභ කර තිබෙනවා.
 
\"පාසල් සිසුවියක්‌ සහ සිසුවෙක්‌ එකිනෙකාට සිනාසෙමින්, ඇස්‌ බැමි නටවමින්, ඉඟි පාන අයුරු තත්පර තිහක දර්ශනවල අඩංගු වෙනවා, \"පැමිණිලිකරුවෝ පවසනවා.
 
එවැනි ඉඟි පෑම් ඉස්‌ලාම් ආගමට පටහැණි බව පවසන ඔවුහු, මෙවැනි ක්‍රියාවක්‌ \"පූජනීය ගීතයකට\" යොදා ගැනීම \"ආගමට අවමන් කිරීමක්‌\" ලෙසද පැවසෙනවා.
 
පෙබරවාරි මස එළිදැක්‌වූ මෙම ගීතය ඉතා ප්‍රසිද්ධියට පත් වූ අතර, ප්‍රියා ප්‍රකාශ් අන්තර්ජාලයේ වැඩිම වාර ගණනක්‌ සෙවූ ඉන්දියානු පුද්ගලයන් අතරට එක්‌ වුණා.

නඩුව හේතුවෙන් නියමිත දිනයේදී චිත්‍රපටය එළි දැක්‌වීමට නොහැකි වූ නමුත්, තීන්දුව ලබා දීමත් සමග සැප්තැම්බර් මස දී චිත්‍රපටය එළිදැක්‌වීමට කටයුතු යොදා තිබෙනවා.




\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"