Update: කඩාවැටුණු එයාර් ඒෂියා ගුවන් යානයේ තවත් කොටස් හමුවෙයි.

Sunday, 04 January 2015 - 10:23

Update%3A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%92%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
මීට සතියකට පෙර පසුගිය දෙසැම්බර් 27 වැනිදා පුද්ගලයන් 162 කු සමග ජාවා මුහුදට කඩාවැටුණු එයාර් ඒෂියා ගුවන්යානයේ පස්වැනි විශාල කොටසද අද සොයා ගැනුනා. බෝනියෝ දිවයිනට දකුණෙන් මුහුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල නිරත කණ්ඩායම් එය නිරීක්ෂණය කළ බව විදෙස් වාර්තා සඳහන් කළා. අද දිනයේ තවත් මළ සිරුරක්ද සොයාගෙන තිබෙනවා. මේ වනවිට ගුවන් යානයේ සිටි 31 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර යානයේ කළුපෙට්ටිය සොයාගැනීම මෙහෙයුම් කණ්ඩායම්වල ප්‍රධාන ඉලක්කයයි.

Sunday, 04 January 2015 - 10:23
...........................................................................................................................................................

එයාර් ඒෂියා යානයේ අනතුරට හේතුව අයිස් දැයි සැකයක්.

පුද්ගලයන් එකසිය හැට දෙදෙනෙකු සමඟ ජාවා මුහුදට කඩා වැටුණු එයාර් ඒෂියා ගුවන් යානයේ අනතුරට හේතුව එහි එන්ජින් කුටීරයට අයිස් ඇතුළුවීම බවට සැකයක් පළ වී තිබෙනවා. ඉන්දුනීසියානු කාලගුණ අංශ ප්‍රකාශ කළේ එයාර් ඒෂියා යානය දැඩි සුළං තත්ත්වයක් මැද පියාසර කර ඇති බවයි. යානයෙන් අවසන් වරට ලැබුණු පණිවුඩය වූයේද එය ඉහළට එසවීමටයි. ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් අනතුරුව යානය සමඟ සන්නිවේදනය අහිමි වී තිබෙනවා. දැඩි සුළං මඟ හැරීම සඳහා වෙනත් මගක ගමන් කළ එයාර් ඒෂියා යානයේ සිසිලන පද්ධතියට හානි සිදුවීමෙන් ඊට අයිස් ඇතුළුවන්නට ඇති බවට දැන් පළ වී ඇති මතයයි.


සිඩ්නි නුවර සිට මෙල්බර්න් ගිය දුම්රියක් පෙරළේ
Friday, 21 February 2020 - 8:50

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මෙල්බර්න් බලා ධාවනය වූ දුම්රියක්... Read More

කොරෝනා මරණ 2247යි
Friday, 21 February 2020 - 8:30

කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 2247 දක්වා ඉහළ ගොස් ඇති... Read More

දකුණු කොරියාවෙනුත් කොරෝනා මරණයක්
Thursday, 20 February 2020 - 21:22

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන්... Read More