උතුරේ ගැටළුවක් නැහැ. - හමුදා මාධ්‍ය ප්‍රකාශක.

Saturday, 10 January 2015 - 13:03

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A.
පශ්චාත් මැතිවරණ සමයෙහිලා ගැනෙන ඊයේ (09) සහ අද (10) දිනයේ යාපනය ඇතුළු උතුරු පළාතේ හමුදා කදවුරු කිහිපයකට කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කළ බවටත්, විවිධාකාර පිපිරීම් හඩ ඇසුණු බවටත් අසත්‍ය නොමග යවන සුළු ප්‍රචාරයක් පැතිර ගොස් ඇති බව රාජ්‍ය ආරක්ෂාව පිළිබද මාධ්‍ය කේන්ද්‍රය ප්‍රකාශ කළා. තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ධජය යාපනයේ ඔසවා ඇති බවටත් එලෙස ප්‍රචාරය වී තිබෙනවා.

මෙම පදනම් විරහිත ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති අතර දිවයිනේ අනෙකුත් පළාත් මෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉතා සාමකාමී තත්ත්වයක් පවතින බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එම ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කර ඇති අතර කිසිදු කඩා කප්පල් ක්‍රියාවක් සිදුවී නොමැති බව ඔහු අවධාරණය කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories