දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී පසුපතිපිල්ලෙයි අනතුරකට ලක් වෙයි.

Tuesday, 13 January 2015 - 11:43

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
උතුරු පලාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එස්.පසුපතිපිල්ලෙයි මහතා ඊයේ (12) සවස කිලිනෝචිය කරඩිපෝක්කු හන්දිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක් අසලදී අනතුරකට ලක් වීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියහ.
කිලිනොච්චිය ඉන්ධන පිරවුම් හලක් අසල පසුපතපිල්ලෙයි මහතා යතුරු පැදිය නවතා සිටියදී ඊය් සවස (12) 3.30ට පමණ පසුපසින් පැමිණි කැන්ටර් රථයක වැදීම හේතුවන් මෙම අණතුර සිදුව ඇති අතර බරපතල තුවාල ලැබූ පසුපති පිල්ලෙයි මහතා පලමුව කිලිනොච්චි රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහා රෝහලටත් ඉන් අණතුරැව අනුරාධපුර මහරෝහලටත් මාරු කොට යැවූ බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියහ.
අණතුරින් පසුව අදාල කැන්ටර්රථය හා එහි රියදුරුත් අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරැ අද දින කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටත් අණතුර සම්බන්ධයෙන් වැඩි දුර පරික්‍ෂණ සිදු කරන බවටද කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් කියා සිටියහ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories