ජනාධිපති කාර්යාලය සතුව තිබූ වාහන පිළිබඳ තොරතුරු සොයයි.

Tuesday, 13 January 2015 - 13:29

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
ජනාධිපති කාර්යාලය සතුව තිබූ වාහන පිළිබඳව විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලය සතුව තිබූ වාහන විශාල ප්‍රමාණයක් මේ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශවල අයථා අන්දමින් භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති බවයි. එම වාහන ජනාධිපති කාර්යාලයට මෙතෙක් භාර දී නොමැති බව ද එමගින් නිකුත් කළ නිවේදනයක සදහන්. විවිධ පුද්ගලයන් භාවිත කළ ජනාධිපති කාර්යාලය සතුව තිබූ ඇතැම් වාහන කැබලි කරන බවට ද තොරතුරු ලැබී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ. එලෙස මෙතෙක් භාර නොදෙන ලද වාහන ඇත්නම් ඒවා කඩිනමින් භාර දෙන ලෙස ද ජනාධිපති කාර්යාලය නිවේදනය කළා. මේ පිළිබදව වැඩිදුරටත් කරුණු සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා, රහස් පොලීසිය වෙත උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories