කැස්බෑවන් 17 ක් වටලයි.

Tuesday, 13 January 2015 - 15:25

%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%91%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+17+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
වෙන්නප්පුව - උල්හිටියාව වෙරළේ කාලයක සිට සිදුකරගෙන යනු ලැබූ කැස්බෑ ජාවාරමක් පිළිබඳව මහවැව සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. අද දහවල් මොවුන් සිදුකළ වැටලීමකදී අල්ලා ගන්නා ලද කැස්බෑවන් 17 දෙනෙකු සොයාගන්නා ලද අතර, මෙම සතුන්ගෙන් ජීවතුන් අතර සිට ඇත්තේ 04 දෙනෙකු පමණයි. කැස්බෑවන් තිදෙනෙකු වැටලීම සිදුකරන අවස්ථාව වනවිටත් මස් කර ඇති බව ධීවර කාර්යාල නිලධාරීන් සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් දෙදෙනෙකු පළාගොස් තිබෙනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories