කරුණා ආවොත් සරත් ෆොන්සේකා නව ආණ්ඩුවෙන් යයිද ?

Tuesday, 13 January 2015 - 16:58

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+%E0%B6%86%E0%B7%80%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%E0%B6%AF+%3F
කරුණා අම්මාන් නව ආණ්ඩුවට එක්කර ගත හොත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා මෙම ආණ්ඩුවෙන් ඉවත් වන බවට පුවතක් අනතර්ජාලයේ ප්‍රචාරය වෙමින් පවතී. ඒ පිළිබඳව සත්‍ය අසත්‍ය බව දැනගැනීම සඳහා අප හිරු ප්‍රවෘත්ති අංශය සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක ගයාන් විතාරණ මහතාව දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට හැකි විය.එහිදී ගයාන් විතාරණ මහතා ප්‍රකාශ කළේ පසු ගිය ආණ්ඩුව සරත් ෆොන්සේකා මහතාට අහිමි කළ සෑම දෙයක්ම ලබා ගැනීමට නව ආණ්ඩුව සමඟ කටයුතු කරමින් පවතින බව සහ මේ ආකාරයෙන් පළවන ප්‍රචාර වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories