අතරමං වූ කාන්තාවක් ඇරලන්න ගොස් ගුටිකයි.

Wednesday, 14 January 2015 - 15:57

%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.
අතරමංවී සිටි කාන්තාවක් ඇයගේ නිවස දක්වා ගෙන ගොස් ඇරළවූ අයෙකුට පහර දුන් බව කියන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පල්ලම පොලීසිය කියයි.
13 වැනිදා රාත්‍රී 8.30 ට පමණ පල්ලම පොලිස් වසමේ සේරුකැලේ ප්‍රදේශයේදී මෙම පහර දීම සිදුවී ඇත.
පල්ලම නගරයේ අතරමංවී සිටි කාන්තාවක් තමන් විසින් පා පැදියකින් ඇයගේ නිවස දක්වා ගෙන ගිය බවත්,එය දැනගෙන ඇති එම කාන්තාවගේ අනියම් සැමියා බව කියන අයෙකු පිස්තෝලයක් වැනි ආයුධයකින් තමන්ට පහර දුන් බව පැමිණිකරු පොලීසිය හමුවේ පවසා ඇත.
මෙම පහර දීම සිදුවූ බව කියන ස්ථානයේ තිබී මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 04 ක් එදිනම රාත්‍රීයේ සොයා ගත් බව පොලීසිය කියයි.
සැකකරුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories