නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ දැව තොගයක් තඹුත්තේගමදී අත්අඩංගුවට.

Saturday, 17 January 2015 - 14:56

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%AF%E0%B7%90%E0%B7%80+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B9%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
අනුරාධපුර - තඹුත්තේගම සිට කොළඹට නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි තේක්ක සහ කොහොඹ දැව තොගයක් සමඟ ටිපර් රථයක් අද (17) දහවල් අත්අඩංගුවට ගත්තා. තඹුත්තේගම - ලූණුවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 කට ආසන්නයි. තඹුත්තේගම පොලිසිය සඳහන් කළේ දැව තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම කුඩාබිලිබෑව සහ මාතලේ ප්‍රදේශවල සැකකරුවන් දෙදෙනෙක්. ඔවුන් අද තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories