දූෂිත පාලනය අවසන් කර යහපාලනය ඉදිරියට ගෙන ඒමේ ගෞරවය රටේ සියලූ ජනතාවට හිමි වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසනවා. ජනපති මෛත්‍රී ජනාභිනන්දන මංගල්‍යය ඊයේ පොළොන්නරුවේදී පැවැත්වුණා. තෝපාවැව ක්‍රීඩාංගණයේදී සහ හිඟුරක්ගොඩ ඩඞ්ලි සේනානායක ක්‍රිඩාංගණයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජන හමු දෙකක් පැවැත්වුණා. එම අවස්ථාවන්වලට එක්වෙමින් ජනාධිපතිවරයා සදහන් කළේ ලොව සියලූ රාජ්‍ය නායකයින්ගේ අවධානය දිනා ගත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දීමට හැකි වූ බවයි. එළඹෙන 29 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අයවැය තුළින් මෙතෙක් කිසිදු රජයක් ජනතාවට ලබා නොදුන් සහන රැසක් ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කර රටත්, ජනතාවත් දුගී බවින් මුදවා ගැනීමේ වැඩපිළිවෙල අරඹන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා.
Follow US
Most Viewed Stories