Update: ශිරන්ති රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව පැමිණිලි දෙකක්.

Monday, 26 January 2015 - 12:25

Update%3A+%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂට සහ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලි දෙකක් අද (26) ඉදිරිපත් වුණා. ඉන් එක් පැමිණිල්ලක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශ්‍යාමලී පෙරේරා විසින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ අතර, ආරක්ෂක ලේකම්වරයාට අනෙක් පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින්.

ශිරන්ති රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශ්‍යාමලී පෙරේරා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා. එහිදී ඇය කියා සිටියේ තම සැමියා අත්අඩංගුවට ගැනීමට පෙර කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන සමයේ මහා භාණ්ඩාගාරයේ සිදුවූ රුපියල් ලක්ෂ 5000ක රත්‍රං වංචාවකට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ වී ඇති බවට කරුණු හෙළි වූ බවයි.

පසුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඞ්සන් සමරසිංහ, අදාළ විමර්ශනය නවත්වන ලෙස තම සැමියාට බලපෑම් එල්ල කළ බව ද ඇය මෙහිදී අනාවරණ කළා.

ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඞී බස්නායක වෙත අනෙක් පැමිණිල්ල ඉදිරිපත් කළේ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගත් ආකාරය සම්බන්ධයෙන් සහ හමුදා නිලධාරියෙකු ලෙස ඔහු කටයුතු කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින්.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ නීතිඥ කණ්ඩායමක් අද (26) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණියා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 12 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම වෙත පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ ගොනුකළ පෙත්සම් පිළිබඳව වැඩිදුර කරුණු දැක්වීම සඳහායි.



Update: Monday, 26 January 2015 - 07:13 PM
..................................................................
ශිරන්ති රාජපක්ෂ ගැන වාස් ගුණවර්ධනගේ බිරිඳගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ෂාමලී පෙරේරා අද (26) පෙරවරුවේ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කළා.

ඒ, වාස් ගුණවර්ධන කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කරන කාලයේ රජයේ භාණ්ඩාගාරයේ රත්‍රං කිලෝ 100 ක් වංචනික ලෙස  අලෙවි කරන බවට හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත සිදුකරණ ලද පරීක්ෂණයක් සම්බන්ධයෙන්. එහි පරීක්ෂණ කටයුතු සිදුකරන අතරතුර එයට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වූ බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ වන ෂාමලී පෙරේරා කියා සිටියේ. පසුව ඒ සම්බන්ධයන් පරීක්ෂණ කටයුතු නවත්වන ලෙස හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, වාස් ගුණවර්ධනට බලපෑම් කිරීමත් සමග එහි පරීක්ෂණ කටයුතු නවත්වනු ලැබූ බවද ඇය සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් නැවතත් පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙස පවසමිනුයි වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශාමලි පෙරේරා අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක ගොනු කරනු ලැබුවේ.


ඒ පිළිබඳව වැඩිදුරටත් පැහැදිළි කරන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ ෂාමලී පෙරේරා....

[MP3]s102044[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories