මිනුවන්ගොඩ පාළු ළිඳකින් හමුවූ ලිපි ලේඛන ගැන කොළඹින් නිලධාරීන් 4 දෙනෙකු පරීක්ෂණ.

Monday, 26 January 2015 - 13:17

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.
මිනුවන්ගොඩ - දෙවොලපොල - වටිනපහ ප්‍රදේශයේ ගෙවත්තක අතහැර දැමූ ළිඳක තිබී හමුවූ අග්‍රාමාත්‍ය කාර්යාලයට අයත් ලිපිලේඛන අඩංගු ගෝනි 19 සම්බන්ධයෙන්, පරීක්ෂණ සිදුකිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරින් 4 දෙනෙකු පත් කර තිබෙනවා. ඔවුන් මේ වනවිටත් ඊට අදාළ පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලිසිය වෙත ගොස් ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා.

හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්නගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් මිනුවන්ගොඩ - වටිනපහ ප්‍රදේශයේ ගෙවත්තක පාළු ළිඳක තිබී අග්‍රාමාත්‍ය කාර්යාලයට අයත් ලිපිලේඛන අඩංගු ගෝනි 19 ක් පසුගිය සෙනසුරාදා සොයා ගත්තා. මේ වනවිට අදාළ ලිපිලේඛන අඩංගු ගෝනි 19 මිනුවන්ගොඩ පොලිසිය භාරයේ පවතිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories