පිරිපුන් මව්බිමක්, අභිමන් හෙට දිනක් යටතේ මෙවර නිදහස සැමරේ.

Tuesday, 27 January 2015 - 9:01

%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A.
ලබන පෙබරවාරි මස 4 වන දිනට යෙදී ඇති 67 වන ජාතික නිදහස් දින උළෙලට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශෆ් මයිකල් පෙර්රා පවසනවා. පිරිපුන් මව්බිමක්, අභිමන් හෙට දිනක් යන්න තේමා කර ගනිමින් නිදහස් දින ජාතික උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

පාසල් මට්ටමින් නිදහස් දින උළෙලවල් සංවිධානය කරන ලෙස ද එහිදී ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.

මේ අතර, නිදහස් දින පෙරහුරු වැඩසටහන පැවැත්වෙන දිනයන්හි ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ගයේ ගමනාගමන කටයුතු සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද උදෑසන 8.30ට සිට මධ්‍යහන 12.00 දක්වා ජපන් මිත්‍රත්ව පාර, පාර්ලිමේන්තුව ඉදිරිපස පාර, පොල්දූව හන්දියේ සිට පාර්ලිමේන්තුව දෙසට ඇති පාර්ලිමේන්තු පාර, පාලන් තුන හන්දියෙන් පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ගය මෙලෙස ගමනාගමනයට සීමා වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories