බස් ගාස්තු අඩු කිරීම පිළිබඳ සාකච්ඡා අවසන්.

Tuesday, 27 January 2015 - 12:44

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.
බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යවරයා, ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරීන් සහ පෞද්ගලික බස් සංගම් අතර අද (27) පෙරවරුවේ පැවැති සාකච්ඡාව මේ වන විට අවසන්ව තිබෙනවා. එහි තීරණය දැනුම් දීම සඳහා අද පස්වරුවේ විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් ද කැදවා ඇති බවයි අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පසුගිය දා කොළඹ මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ බස් ගාස්තු 7%ත්, 8%ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට එකඟතාවය පළව ඇති බවයි. අද පැවැති සාකච්ඡාවේදී ද 8%ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර, හලාවත - කොළඹ පෞද්ගලික බස් රථ ඊයේ (26) රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. වව්නියා - කොළඹ දුරගමන් සේවා අර්ධ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු සහ සහයකයෙකු, හලාවත - කොළඹ බස් රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් හලාවත පෞද්ගලික මගී ප්‍රවාහන බස් සංගමය මෙම වර්ජනය ආරම්භ කළා. මෙම වර්ජනයට හලාවත - පුත්තලම පෞද්ගලික බස් ද මේ වන විට එක්ව තිබෙනවා. එමෙන්ම පහරකෑමෙන් තුවාල ලැබූ රියදුරු සහ රිය සහායකයා හලාවත රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන බව අප වාර්තාකරු සදහන් කළා.

ප්‍රදේශයේ හිරු ප්‍රාදේශීය වාර්තාකරු සදහන් කළේ හලාවත - කොළඹ බස් රථ සේවකයින් අද පෙරවරුවේ කොළඹ - වව්නියාව, කොළඹ - යාපනය, කොළඹ - මන්නාරම යන දුර ගමන් සේවා බස් සේවකයින් වෙත පහරදීමක් සිදුකර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories