ඊයේ සිට රිය අනතුරුවලින් 6ක් මරුට

Friday, 30 January 2015 - 9:11

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (29) පස්වරුවේ සිට සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හොරණ - තල්ගහවිල තක්ෂිලා උයන ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඊයේ රාත්‍රී තල්ගහවිල සිට හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් ඊට ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම රිය අනතුර සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මේ අතර, දොම්පේ - බානගල - වංගු දෙක ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රී රෝද රථයක් ගැටීමෙන් ඊයේ පස්වරුවේ සිදුවු රිය අනතුරකින් තුන් දෙනෙකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලැබුවා. එමෙන්ම, මහියංගනය - ගිරාඳුරුකෝට්ටේ ප්‍රධාන මාර්ගයේ තුනේ කණුව ඟගේ යාය හන්දිය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ යතුරු පැදියක්, ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories