එයාර් ඒෂියා අනතුර සිදුවන විට නියමුවා අතුරුදන් ?

Saturday, 31 January 2015 - 14:24

%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%92%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%3F
පුද්ගලයන් 162 සමඟ පසුගිය දෙසැම්බර් 28 වන දා ජාවා මුහුදට කඩා වැටුණු එයාර් ඒෂියා ගුවන් යානයේ අනතුර සිදුවන මොහොතේ එහි ප්‍රධාන නියමුවා, නියමු අසුනේ නොසිටි බවට තොරතුරු හෙළි වී තිබෙනවා. ඉන්දුනීසියානු පරීක්ෂණ කණ්ඩායම් සඳහන් කළේ යානය හදිසියේ ඉහළට ඔසවන මොහොතේ සහාය නියමුවා එය පාලනය කිරීමට ගනු ලැබූ උත්සාහය අසාර්ථක වී ඇති බවයි. ප්‍රධාන නියමුවා නැවතත් නියමු අසුනට එන විට යානය අනතුරට ආසන්නව පැවති බව පරීක්ෂණ කණ්ඩායම්වල අදහසයි. කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් එයාර් ඒෂියා ගුවන් සේවය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories