බ්‍රිතාන්‍යයෙන් රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට සහය

Sunday, 01 February 2015 - 13:00

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් හියුගෝ ස්වෙයාර් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ සාකච්ඡාවක නිරතවී තිබෙනවා. එහිදී වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ වගවීමකින් යුත් රජයක් බිහිකරලීම සඳහා දරන ප්‍රයත්නයට ඔහු ප්‍රසාදය පළ කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ දිගුකාලීන මිතුරෙක්. මේ නිසා නව රජය සිදුකරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට බ්‍රිතාන්‍යයේ පූර්ණ සහය පළවන බවයි විදේශ ලේකම් හියුගෝ ස්වෙයාර් සඳහන් කර ඇත්තේ. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුට පළ කළ බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා සඳහන් කළේ විසඳිය යුතු අභියෝග රැසක් පවතින බවයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමයක් උදෙසා දැන් ක්‍රියාත්මක වන සංහිඳියා පිළිවෙත් අතිශය ප්‍රශංසනීය බවද බ්‍රිතාන්‍ය විදේශ ලේකම් හියුගෝ ස්වෙයාර් සඳහන් කර තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාව, ජගත් මානව හිමිකම් මණ්ඩලය ඇතුලූ ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවද ඔහු මෙහිදී විශ්වාසය පළ කළා. එමෙන්ම යුරෝපා අධිකරණය එල්.ටී.ටී.ඊ.  තහනම ලිහිල් කිරීම සඳහා ගනු ලැබූ තීන්දුවට එරෙහිව බ්‍රිතාන්‍යය අභියාචනයක් ඉදිරිපත් කරන බවද ඔහු සිහිපත් කර තිබෙනවා. බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයාගේ තුන්දින ශ්‍රී ලංකා සංචාරය ඊයේ (31) නිමාවට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories