ඖෂධ පනත ලබන සතියේ

Sunday, 01 February 2015 - 13:43

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
ලබන සතියේදී ඖෂධ පනත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු කියා සිටියේ පසුගිය කැබිනට් මණ්ඩලයේදී සම්මත කරගත් දුම්කොළ පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට  ගෙන ඒමට බලාපොරොත්තුවන බවයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපති ලාල් සමරසිංහ එම ධුරයේ වැඩභාරගැනීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මේ වසර තුළ සියලූම ව්‍යාජ ආයුර්වේද මධ්‍යස්ථාන වටලා එහි සිටින ව්‍යාජ වෛද්‍යවරුන්ට  එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories