දෙමළ සන්ධානයේ කැමැත්ත ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

Wednesday, 04 February 2015 - 13:22

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව තුළ සාමකාමී සහ සමෘද්ධිමත් අනාගතයක් සහතික කර ගැනීමට දෙමළ ජාතික සන්ධානය කැමැත්තෙන් පසුවන බව ඇමෙරිකාව ප්‍රකාශ කළා. දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මේ බව කියා සිටියේ තම ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්. ජනවාරි 8 මැතිවරණයෙන් පසු රජය සිවිල් සමාජය, දේශපාලන පක්ෂ මෙන්ම පෞද්ගලික අංශය සිය අපේක්ෂා සාක්ෂාත් කර ගැනීම පිළිබඳව බලාපොරොත්තුවකින් පසුවනවා. එය ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රධානීන් සමඟ මෙන්ම, සිවිල් සමාජ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා කිරීමේදී පැහැදිලි වූ කරුණක්. ඒ අනුව, ඇමෙරිකාව සමෘද්ධිමත් අනාගතයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව යන ගමනේදී තවදුරටත් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ද සහකාර රාජ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories